Forked කියන්නේ ඉනෝෂි පෙරේරා සහ ක්ලයිව් ද සිල්වා කියන දෙදෙනා එකතු වෙලා පටන් අරන් තියෙන හරි අපූරු ආහාර අවන්හලක්. අවන්හලක් කිව්වට මේක සිද්ධ වෙන්නේ ඇණවුම් භාර අරගෙන ඒවා බාරදෙන විදිහටයි.
අපි වැඩ ඇල්ලුවේ Gilmore Granola වලිනුයි. කෝපි සහ කරඳමුංගු රසයෙන් යුතු මේකේ හරි ගාණට ඕට්ස් මුසු කරලා තිබුණා. ඒ වගේම රසට හැපෙන රටඉඳි, සුල්තානා වගේම තල, කෙසෙල් පෙති නිසා පුදුම රසක් ඒකට එකතු වෙලා තිබුණා.
කොහොම වුණත් මෙතැන තිබුණු රස ආකරය තමයි Harley Quinoa. කිනෝවාවලට රසම රස අඹ දාලා, බෝංචි, කැප්සිකම්, ලූනු සහ කොත්තමල්ලි මේකට යොදාගෙන තිබුණා. ඇත්තටම ඒ සැලඩ් එකේ තිබුණේ තද මෙක්සිකානු ආරක් කිව්වොත් නිවැරදියි.
Porky’s Meatballs කියන්නේ තායි ආරට හදපු පෝක් දාපු මීට් බෝල් එකක්. ඒක එතැන තිබුණු හැම ආහාර දීසියක් එක්කම වගේ හරි අපූරුවට ගැලපුණා. විශේෂයෙන් ජපානයට ආවේණික ස්ටිකි රයිස් එක්ක මේ මීට් බෝල්ස් නියමෙට පෑහුණා.
අපි අතුරුපස විදිහට ගත්තේ මයිලෝ දාලා හදපු Milo Bliss Balls කියලා නම් කරපු එකක්. මයිලෝවලට අමතරව තවත් අමුද්‍රව්‍ය 15ක් විතර දාලා තිබුණේ. මේකේ උඩින් පොල් කැබලි අතුරලා තිබුණේ හිතාගන්න බැරි රසයක් ගෙනඑමිනුයි.
- නටාෂා ප්‍රනාන්දුපුල්ලේ
සේයාරූ - කණිෂ්ක ගනේවත්ත